ගුරු විදුහල්පතිවරුන්ටසහ අධ්‍යාපනක්ෂේත්‍රයට ඇති වී තිබෙන පොදු ගැටලු විසඳාගැනීමටඅද (26දා) ගුරු විදුහල්පතිවරුන් අසනීප වාර්තා කර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්,පිරිවෙන් ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් අසනීප නිවාඩු වාර්තා කරන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගය සඳහා වෘත්තීය සමිති 30කට අයත් සාමාජිකයන් සම්බන්ධවන බවත් විරෝධතා ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උදේ 11.00 පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.
පවතින ගැටලු විසඳා ගැනීම් සඳහා බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා ආසාර්ථක වීම නිසා වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යාමට සිදුවූ බවත් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කළද, ගැටලු විසඳීමට ආණ්ඩුව හෝ බලධාරීන් කටයුතු නොකළ බවද හෙතෙම පැවසීය.
ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම යටතේ මෙතෙක් ලබා නොදුන් කොටස දෙක ලබා ගැනීම, පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් වෙන් කිරීම,පාසල් උපකරණ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම, විදුහල්පති සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අහෝසි කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය ගන්නා බවද හෙතෙම පැවසීය.