ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා වූ විශේෂ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු එල්ටීටීඊය නැවත සංවිධානය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බව ඒජන්සිය පවසයි. මෙම පුද්ගලයින් සහ සලීම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ ය නැවත සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටි බව NIA පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සී ගුණසේකරන් නොහොත් ගුණා, පුෂ්පරාජා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමග සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි, ලඩියා චන්ද්‍රසේන, ධනුෂ්ක රොෂාන්, වැල්ලේ සුරංග සහ තිලිපන් යන අය බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
2021 මාර්තු මාසයේදී තිරුවපුරම් අසල විජින්ජාම් වෙරළට ඔබ්බේදී ඉන්දියාවේ විමර්ශන ආයතන විසින් කළ මෙහෙයුමකදී ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක්, AK-47 රයිෆල් පහක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 1,000 ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ගොනු කළ නඩුවක් අනුව කළ විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
හජි සලීම් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ කේරළයේ නඩුව සම්බන්ධයෙන් පසුගිය වසරේ සුරේෂ් රාජන් නම් ශ්‍රී ලාංකිකයෙකු කොචි අසල අංගමාලි ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. එන්අයිඒ පරීක්ෂණයේදී රාජන්ගේ නමින් සිදුවූ රුපියල් කෝටි ගණනක මූල්‍ය ගනුදෙනු ද අනාවරණය විය.
“ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ප්‍රවාහනය කිරීමේදී රාජන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති අතර ඒ සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් කිහිප දෙනෙකුද ඔහුට උදව් කර ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබේ.