අත්ලන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නෞකාව දිරාපත්වීම ආරම්භ වී ඇති පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.
ඒ අනුව නැව ඉදිරිපස ආරක්ෂිත වැටේ කොටසක් විනාශ වී ඇති බව එම ඡායාරූප වලින් දක්නට ලැබේ.
1912 අප්‍රේල් මාසයේ අයිස් කුට්ටියක ගැටීමෙන් ටයිටැනික් නෞකාව ගිලී ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත 1500ක් අහිමි විය.