පානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරම්න් විනෝදයට දියනාමින් සිටී පුද්ගලයකු එම කොටයේ ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මිතුරන් දෙදෙනා පානදුර වෙරලට පැමිණ මුහුදු වෙරලේ දියනාමින් සිට ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරමින් සිටියදී රළ පහරට වේගයෙන් ගසාගෙන ගිය කොටය මුහුනේ වැදී ඇති බව පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්