කුරුවිට පොලිස් වසමේ කීරගල ප්ර දේශයේදි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පයින් පහරදීමක් හේතුවෙන් බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මරණකරු අවුරුදු 59ක් වන කීරගල පදිංචිකරුවෙක් වෙයි. ඊයේ රාත්රීයේදී මරණකරුගේ නිවස ඉදිරිපිටට පැමිණි බීමත් පුද්ගලයෙක් ගිනි පෙට්ටියක් ඉල්ලා තිබෙ. එය ලබාදීමට ප්රමාදවීම හේතුවෙන් බීමත් පුද්ගලයා නිවැසින්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර එහිදී මරණකරු විසින් එසේ නොකරන ලෙසට පවසා ඇත.
එවිට බීමත් පුද්ගලයා විසින් මරණකරුට පයින් පහරදී ඇති අතර එහිදී සිහිසුන්ව සිටි පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්ර දේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවසත්වයි.