(UPDATE)
ගිනි ගන්නා නැව බේරා ගැනීමට ඉන්දියාවෙන් නෞකා හා ගුවන් යානයක්
සංගමන්කන්දට නාවික සැතපුම් 38ක් දුරින් ගිනි ගැනීමකට ලක්ව තිබෙන තෙල් ප්‍රවාහන නෞකාවට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමට ඉන්දිය නෞකා හා ගුවන් යානයක් යොදවා තිබේ.
ඒ අනුව නෞකා තුනක් හා ගුවන් යානයක් ගින්න මැඩ පැවැත්වම වෙනුවෙන් යොදාව ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරයි.
නැවේ 22ක් බේරා ගනිති
සංගමන්කන්දට නාවික සැතපුම් 38ක දුරකින් මේ වන විට ගිනි ගැනීමකට ලක්ව තිබෙන තෙල් ප්‍රවාහන නෞකාවේ සේවය කළ සේවකයන් 22ක් නාවික හමුදාව විසින් මුදවාගෙන තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_302b0afa40.jpg)
තෙල් ඝන මීටර් මිලියන තුනක් සහිතව ලංකාවට ආසන්නයේ ධාවනය වූ නැවක ගින්නක්
සංගමන්කන්දට නාවික සැතපුම් 38ක දුරකින් ධාවනය වූ තෙල් ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයක ගින්නක් ඇතිව තිබේ.
නැවේ සිටින කාර්ය මණ්ඩලය මුදවා ගැනීම වෙනුවෙන් මේ වන විට නාවික හමුදාවේ නෞකා තුනක් අදාළ නෞකාව වෙත ගමන් කරමින් පවතී.
මෙම නෞකාව තුළ තෙල් ඝන මීටර් තුනක් පමණ පවතින බවට තහවුරු කරගෙන තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_302b0afa40.jpg)