හිනිදුම පොලිස් වසමේ ගිංගඟේ13 වන දින සවස් කාලයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට හිනිදුම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතුරුදහන් වූ අයවලුන් අවුරුදු 38 හා 49 යන වයස්වල පසුවන අක්මීමන හා පෝද්දල ප්රදේශවල පදිංචිකරුවන් වේ.
අතුරුදහන් වූ දෙදෙනා ඥාති නිවසකට පැමිණ එම නිවැසියන් සමග දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදහන්වූ අයවලුන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.