අද (2) උදෑසන වන විට ගිංගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාවක් ලැබී ඇති හෙයින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,තවලම,නාගොඩ, නියාගම,වැලිවිටිය දිවිතුර ,ඇල්පිටිය ,අක්මීමන ,බද්දේගම සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගිංගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට මේ මොහොතේ සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
මෙම ගංවතුර ඇඟවීමේ නිවේදනය අනිද්දා (4) දින පෙරවරු 3.00 දක්වා වලංගු බව වාරිමාර්ග අධ්යක්ෂ ( ජල විද්‍යා හා ආපදා කළමනාකරණය) ඉංජිනේරු එස්.පී .සී .සුගීශ්වර මහතා පැවසිය .
ජේ.ඉඳුරුවගේ