ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.
මීට සමගාමීව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181 කින් හා කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින් ද අඩු කළ බව ඔහු පැවැසීය. නව මිල ගණන් අද (4දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.
මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186 ක්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281 ක්, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598 ක් දක්වා පහළ යනු ඇත.