12kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේම කිරිපිටි මිල රුපියල් 25කින් අඩුකිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ගෑස් මිල වැඩි කරන ලෙසට ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (18දා) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා රුපියලේ අගය පහළ යෑමට සාපෙක්ෂව ගෑස් සමාගම් ගෑස්මිල වැඩි කරන ලෙසට ජීවන වියයදම් කමිටුවට යෝජනා කර තිබුණි.
