ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී ඊයේ (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ෙආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයක් ද පොලිස් භාරයට ගෙන ඇත.එම සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේදවත්ත නවලෝක පුර පදිංචිව සිටි ත්රී රෝද රථ රියදුරෙකු වූ මොහොමඩ් යාසිර් (21) හා කුලී වැඩවල නිරත සිංහප්පුලිගේ මදුසංක (22) යන අයවලුන්ය.
සේදවත්ත ප්රදේශයේදී ත්රිරෝද රථයක් ඇඟට කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු කැලණිතිස්ස ගම ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට පහර දීම සඳහා ඊයේ (15) අලුයම ත්රීරෝද රථයකින් පැමිණි අවස්ථාවේදී එම පුද්ගලයන්ගේ පාර්ශවයේ අය විසින් පැමිණි පිරිසට දුම්රිය මාර්ගයේ පසුපස එළවමින් තියුණු ආයුධ වලින් ප්රති ප්රහාර එල්ල කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලා විනෝදන් මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සේදවත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 20/40 අතර පසුවන්නන්ය.සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.