ගාසා තීරයේ ගැටුම් වලින් විපතට පත් දරුවන් සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ඒක්සත් ජාතීන්ගේ නිල නියොජිතයානියොජිතයා හරහා පලස්තීන රජය වෙත භාරදීම අද (01) දින සිදුවිය.
ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුධානත්වයෙන් සහ විදේශ කටයුතු අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු මහත්ම මහත්මීන් හා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ඊට එක්ව සිටියහ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය