කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරය තුළ ඇති තදබදය අවම කිරිම සඳහා සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.
පිරිමි 16 දෙනෙකු හා කාන්තාවන් 02 නෙකු මෙසේ ඇප මත මුදාහැර ඇත.
මෙකි රැදවියන්ට ඉදිරි නඩු දිනයකදි ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්රතේවරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැදවියන් 1000කට ආසන්න සංඛ්‍යාවක් රදවා සිටිති.
