ගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මුදල් අයකර ගන්නේ කෞතුකාගාර සහ වෙනත් සුවිසේශී ස්ථාන නැරඹීමට එන සංචාරකයින්ගෙන් පමණක් බවද හෙතෙම පැවසීය. එසේ මුදල් අයකර ගන්නේද නඩත්තු කටයුතු සඳහා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය