මෙවර මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ 903 ,163 ක් වූ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 576,937 ක් ඡන්දය පාවිච්චි කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි ඩබ්ලිව් .ඒ.ධර්මසිරි මහතා පැවසීය.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 64 ක් බවද ඒ මහතා පැවසීය.මෙම සංඛ්‍යාවන් අනුව සලකා බැලීමේදී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 326,226 ක් සිය ඡන්දය පාවිච්චි කර නැත.
ඉකුත් ජනාධිපතිවරණයේදීද ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 903,163 ක් වූ අතර එයින් සියයට 80 ක ප්‍රතිශතයක් වූ 725,361 ක් ඡන්දය පාවිච්චි කර තිබිණි.
ඒ අනුව ජනාධිපතිවරණය පවත්වා මාස දෙකක් ගතවීමට මත්තෙන් පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයට පාවිච්චි කළ ඡන්ද ප්‍රතිශතය සියයට 16 කින් එනම් ඡන්ද 148,424 කින් අඩුවී තිබේ.