අද දින ( 10 ) පෙ.ව. 7.00 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කිරීමට විධායක සභාව තීරණය කර ඇත
ගැටළුව විසඳීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අප්‍රේල් 11 දින පෙ.ව. 7.00 සිට 12 දින පෙ.ව. 7.00 දක්වා ගාල්ල මාතර හම්බන්තොට සියලු සෞඛ්‍ය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත.මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූදකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ ලේකම් ජයන්ත ජයසේකර මහතා පවසා සිටියේ
බලපිටිය මූලික රෝහලේ ගිලන්රථ වල විදුලි පහන්, සයිරන් නළාව, සාමාන්‍ය නළාව ආදී විවිධ අඩුපාඩු සහිතව ගිලන්රථ ධාවනය කරන ලෙස බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැරදි උපදෙස් ලබාදී ඇති අතර එලෙස අනතුරුදායක ලෙස ගිලන්රථ ධාවනය කිරීමෙන් අනතුරකදී පොලීසිය අධිකරණය සහ අභ්‍යන්තර පරීක්ෂණ වලදී රියදුරන් වැරදිකරුවන් වන බැවින් අකමැත්ත පල කිරීම හේතුවෙන් සෞඛ්‍ය රියදුරන් දෙදෙනෙකු අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීම සම්බන්ධව මෙම තිරණය ගත් බවයි.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා, සෞඛ්‍ය ලේකම්වරයා, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කලද සාධාරණ විසඳුමක් නොලැබුනු බැවින් අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවාගිලන් රථ සහප්රවාහන රියදුරු සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බවද ඔහු පැවැසීය.
මෙමගින් අසරණ රෝගීන්, මහජනතාව හා රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණක් නොමැති හෙයින් හදිසි ප්‍රතිකාර සදහා මූලික රෝහල්වල එක් ගිලන්රථයක් රාජකාරියේ යෙදීමට කටයුතු කර ඇත.
හබරාදුව බී.එච්.රම්‍යා