හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 190ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 830 ක් ද සමඟ ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වලහන්දූව සදර්න් කෝට් ප්‍රදේශයේ කළ වැටලීමකදී අක්මීමන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සැකකරු සමඟ විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සමග අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල අක්මීමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත මහතාට පුද්ගලක ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුවිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර තුඩාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකි. මොහු ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයකු ලෙස කටයුතු කරන අතර දිගින් දිගටම මෙම පුද්ගලයා ජාවාරමේ නිරතවන පුද්ගලයෙක් බවට සැකකරන පොලීසිය ඒ බව තහවුරුකරගැනීම සඳහා වැඩිදුර පරීකෂණ පවත්වයි.
මෙම ජාවාරමේ තවත් හවුල්කරුවන් සිටීද යන්න පිළිබදව වැඩිදුර පරීකෂණ පවත්වයි. සැකකරු අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්