ගාල්ල මහනගර සභා බල ප්රදේශයෙහි ප්රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් එක්කෝටි, තිස්නව ලක්ෂ, හාරදහස් පන්සිය අසූනවයක (13,904,589) දැන්වීම් පුවරු ගාස්තු නගර සභාව විසින් අයකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
හිඟ දැන්වීම් පුවරු ගාස්තු ආදායම අයකරගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සම්බන්ධයෙන් ගාල්ල මහනගර සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ නොගෙවන ලද දැන්වීම් පුවරු සඳහා අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් පවතින බවය.
ගාල්ල මහනගර සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබේ.
චන්දන සමරවික්රම