නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජහරණය කරණු ලැබිය.
නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනෙහිදී ගාල්ල අධිකරණ සංකීර්ණයේ මහාධිකරණය, දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ කටයුතු නියමිත ක්‍රියා පිළිවෙතට අනුව විධිමත්ව සිදු කරන ලැබිය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මගපෙන්වීම මත මෙය ක්‍රියාත්මක කරණු ලැබිය.