තෙල්දෙණිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රථය භාවිතා කළ බවට තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත්ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක දේවගතිවරයාතෙල්දෙණිය මහේස්ත්රාත්ස්වර්ණාකරලියද්දමහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුමේ මස 11 දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේජයම්පති ආරච්චිලාගේ ගාමිණී ආනන්ද (59) නමැතිඋඩවෙල, ගල්තැන්නප්රදේශයේ පදිංචි දේවගැතිවරයෙකි .
ඔහුට එරෙහිව සාපරාදී සාවද්‍ය පරිහරණයයන චෝදනාවයටතේඅධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි .
තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුවඉකුත්31 දිනදිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේඇති පාලු නිවසකගරාජයක් තුළCP KN 5556 නමැති ව්‍යාජ අංක තහඩුවක් සවිකලමිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේසුඛෝපභෝගීජීප් රථයක්පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතරඑම නිවසේ හිමිකරුවන්ගෙන් සිදුකළ පොලිස්ප්රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේඑම ජීප් රථයපසුගියදා වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයා විසින්එම නිවසට ගෙනවිත් දමා ගිය බවයි .
කෙසේ නමුත් පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකදීඑම මෝටර් රථයගල්තැන්න ප්රදේශයේදේවාලයේ දේව ගැතිවරයා වශයෙන් කටයුතු කරනසැකකරු සහ ඔහුගේ බෑනා විසින්භාවිතා කොට ඇති බවටඅනාවරණය කරගෙන තිබේ .
එම මෝටර් රථය මෝටර් රථ ලියාපදිංචි කිරීමේකොමසාරිස්කාර්යාලයේ ලියාපදිංචි නොමැති බවදපොලිසිය කියයි .
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රොෂාන් අමරසිංහමහතාගේ උපදෙස් පරිදිකොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකදිසානායක මහතා ඇතුළුපොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි .