ග්‍රෑන්ඩ්පාස්, නාගලම්වීදිය ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වන වේල්ස්කුමාර මාවත, ග්‍රෑන්ඩ්පාස් ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අලුත්කඩේ අංක 4ක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිකිරීමට නියමිතය.