ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලම්විදිය ප්ර දේශයේදි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තැබිමේ සිදුවිමට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවිමට අදාළව ග්රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන පවත්වනු ලබයි. වෙඩි තැබිමේ සිදුවිමට අදාළව තුවාලකරුවන් දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ඊයේ (23දා) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 31 වන ග්රෑන්ඩ්පාස් ප්ර දේශයේ පදිංචිකරුවෙකි.