ග්‍රාම නිලධාරී හට ඉතිහාසයපුරා මේවන තෙක්ම සේවා ව්‍යවස්ථාවක් ලබා නොදීම හා ග්‍රාම නිලධාරී දීමනා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දින 03 ක කාලයක් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අද(14) දින සිට අසනීප නිවාඩු වාර්තා කර ඇත.
ඒ හේතුවෙන් ජනතාවට ග්‍රාම නිලධාරීන්ගෙන් ලැබුණු සේවාවන් රැසක් ඒ අනුව අද සිට ඇනහිට ඇති බව අපට වාර්තා විය. එමෙන්ම සිරකරුවන් හට නිදහස් වීමට අවශ්‍ය ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරවල සිරකරුවන්ගෙන් තද බදයකට ලක් විය හැකි බවද එම නිලධාරීහු පවසති. ( I J)
සිඩ්නි රුවන් උබේපාල