ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසකට යතුරු පැදියකින්.හෙල්මට් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ගෙන් අයෙකු නිවසේ සිටි පුද්ගලයකුට ප.ව.8.45 ට පමණ වෙඩිතබා පලාගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය .
මෙම සිදුවීම 15 වනදින ප.ව.8.45 ට පමණ සිදුවී ඇති අතර මෙලෙස ඝාතනයට ලක්වීම ඇත්තේ බඩෝවිට හතරවන අදියර පදිංචිව සිටි සුවාරිස් තරිදු සුවාරිස් නම් (27 ) හැවිරිදි තරුණයෙකු වේ .
මෙදින රාත්රිය 8.45 ට පමණ යතුරු පැදියකින් හෙල්මට් දමා ගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු ගෙන් අයෙකු ගිනි අවියකින් වෙඩිතබා එම යතුරු පැදියෙන් පලා ගොස් ඇතැයිද , ඒ.වනවිට නිවසේ ඔහුගේ මව හා පුංචි අම්මා සමග කතාබස් කරමින් සිට ඇති අතර එකවර යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුවෙත වෙඩිතබා නැවත පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් ඇතැයි පොලිසිය පැවසීය.
ඒ වනවිටත් සිද්ධිය සැලවූ වහාම ගල්කිස්ස මූලස්ථාන පොලීසිය හා දෙහිවල පොලීසිය සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා 1919 ගිලන්රථය මගින් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුලු කරනු ලැබ ඇතැයිද . බරපතල තුවාල ලබා සිටි අය වෙත හදිසි සැත්කමකට භාජනය කරන ලදුව තත්වය බරපතල වීම නිසා කොටි ජාතික රෝහල වෙත මාරු කිරීමට කටයුතු කරනු ලැබ ඇති අතර එහිදී තුවාලකරු මියගොස් ඇතැයිද දෙහිවල පොලීසිය පැවසීය .
දෙහිවල එච්.එම්. ධර්මපාල