අද දින අළුයම් කාලයේදි ගල්කිස්ස පොලිස් වසමේදි නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි තුවක්කරුවන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
වෙඩි වැදිමෙන් එක් පුද්ගලයෙක් ඒම ස්ථානායේදිම මියගොස් තිබේ. අවුරුදු 20ක් වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප්රතිකාර සඳහා කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබිමට හේතුව අණාවරණය නොවන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය පරික්ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානය කියයි.