ගල්කිස්ස වටරප්පල පාරේ නිවසක සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ආධාර අනුබල දුන් පුද්ගලයන් බව පොලිසිය කියයි. ඉකුත් (7) අලුයම සිදු කළ එම වෙඩි තැබීමෙන් බෝම්බිරියගේ සුදත් ගෝමස් නොහොත් මනෝ (36) හා චානක විමුක්ති හෙවත් සඳුන් (20) යන අයවලුන් ඝාතනයට ලක් වූ අතර ඔවුන් දෙදෙනා ඥාතීත්වයෙන් මාමා සහ පුතා වන බව පොලිසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එදින අලූයම 4.25-4.35 ත් අතර කාලයේදී නිවස තුළට කඩා වැදි මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් සහ ගල් කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබිණි.
එම වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය එදිනම අලුයම් කාලයේදීී හොරණ මුණගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවල දි එම යතුරුපැදිය මීගොඩ අලූත් පාර ප්‍රදේශයේ නර්තන ශිල්පියෙකුට අයත් එකක් බවට අනාවරණය වී තිබූ අතර ඉකුත් 4 වෙනි දින ඇඹුල්ගම විහාරස්ථානයේ පැවැති පෙරහර අවස්ථාවේදී එය සොරාගෙන ඇති බවට ඔහු විසින් හංවැල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක සඳහන් වන බව පොලිසියකියයි. ඒ අනුව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස්මත එම යතුරු පැදිය වෙඩි තැබීමට පෙර දින තොට ළඟ ප්‍රදේශයේ සිට බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණය වෙත රැගෙන විත් එතැන් සිට එම යතුරුපැදියේ එක් පුද්ගලයකුත් තවත් යතුරුපැදියක් තවත් පුද්ගලයකුත් රැගෙන පැමිණෙමින් සිටියදී දෙහිවල බෝධිය වත්ත අසලටගොස් එම ස්ථානයට පැමිණි පුද්ගලයකු බෑගයක බහා ලබා දුන් ආරක්ෂක හිස් වැසුම් දෙකක් ජැකට් දෙකක් ලබාගෙන කොට්ටාව මාවිත්තර ප්‍රදේශයට පැමිණ තොටලඟින් රැගෙන ආ යතුරුපැදිය එම ස්ථානයේ නතර කරජැකට් දෙක සහ ආරක්ෂක හිස් වැසුම් දෙක සහිත බෑගය යතුරුපැදයේ එල්ලා නැවතත් දෙහිවල කරා පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩික්කරුවන් දෙදෙනා එකී යතුරු පැදිය රැගෙන ගොස් වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙදෙනා මෙම කටයුතු සිදුකර ඇත්තේ මත්කුඩු පැකට්ටුවට, අයිස් පැකට්ටුවට බවට ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි
විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන බඩෝ විට අසංක හා කොස් මල්ලි නැමැත්තන් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල බෝධියවත්ත, වැල්ලවත්ත සහ බොරැල්ල මෙත්සර උයන පදිංචිකරුවන්ය
බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ