පුත්තලම දිස්ත්‍රික්කයෙ ගම්මාන වෙත කඩා වැදි ඇති වන අලි නැවත වනාන්තර වෙත පලවා හැරිම් මෙහෙයුමින් වන අලින් 60 කට ආසන්න පිරිසක් මේ වන විට තබ්බෝව අභය භුමිය වෙත පලවා හැරීම් කර ඇති බව පුත්තලම වනජිවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසන්නට විය.
ගම්වැදුන වන අලි පලවා හැරිමේ මෙහෙයුම් පසුගිය මාර්තු 15 දින ආඩිගම ප්‍රදේශයෙන් ආරම්භ වු අතර එය අප්‍රේල් 10 දින දක්වා ක්‍රියාත්මක වෙමින් පවති.
මේ සදහා වනජීවි නිළධාරීන් සමග නාවික හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව හා යුධ හමුදා සහාය සමගින් ගම්මාන වල ජනතාවගේ දායකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මකව ඇත.
වල් අලි වනාන්තර වෙත පලවා හැරිමේ මෙහෙයුම සාර්ථක කරල ගැනිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ඒකකයෙ විශේෂ සහාය ලබා ගනිමින් අලි රැදි සිටින ස්ථාන හදුනා ගැනිම සිදුකරමින් මෙහෙයුම සාර්ථක කර ගැනිමට කටයුතු කරමින් සිටිති.
මෙම මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වි දින 10 ක් ගතව ඇති බවත් එම වකවානුව තුල ආඩිගම, පල්ලම, මහකුඹුක්කඩවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල සැරිසරමින් සිටි අලි 60 කට සංඛ්‍යාවක් ක්‍රමයෙන් නැවත තබ්බෝව අභය භුමිය වෙත පළවා හැරිමට කටයුතු කර ඇති බව වනජීවි සහකාර අධ්යක්ෂවරයා පවසන්නට විය.
මෙම අලි මෙහෙයුම මගින් පලවා හරින වල් අලි රංචු නැවත ගම්මාන වෙත කඩා වැදිම වැලැක්විමට එය ආරම්භයෙ සිට ප්‍රධාන මාර්ග ආසන්නයෙ රාත්‍රි මුර සංචාර හා වැටලිමට එක්වු නිළධාරීන් ස්ථාන ගත කරමින් රදවා තැබිමට කටයුතු කර තිබුනී.
අලි මෙහෙයුම අතර තුර එය ආරම්භයෙ සිටම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය හා නිළධාරීන්ගේ අවශ්‍යතාවන් පිළිබදව සොයා බැලිමට රාජ්‍ය පරිපාලන ඇමති ආචාර්ය චන්දන අබේරත්න මහතා පැමිනිම සිදුව තිබුනී.ඔහු වැටලිමට එක්වු නිළධාරීන් සමග මධ්‍යම රාත්‍රි වන තුරු රැදි සිටිමින් එය අධීක්ෂණය කිරීමට කටයුතු කර තිබුනී.
ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාන් ජානක මහතා සමග පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි .හේරත් මහතා ද අලි මෙහෙයුම පිළිබදව සොයා බලමින් ඒ සදහා දායකත්ව ලබා දෙමින් තිබිම විශේෂීත විය.


