තමා ආරාධනා කළ විවාදයට පැමිණීම පිළිනොගනිමින් අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ අසත්‍ය ප්‍රචාරය කරන බවට පිළිගෙන ඇති බව සර්වජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹ අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“විජිත හේරත් ඇමතිතුමා කට ඇරියොත් කියන්නේ බොරු. පාස්කු වාර්තා ගැන කිව්වේ බොරු. ණය ලබා ගැනීම ගැන කිව්වේ බොරු. ඒත් එතුමා කියන්නේ මම බොරු කියනවා කියලා. එතුමාද බොරු කියන්නේ මමද බොරු කියන්නේ කියලා ජනතාවට තේරුම් ගන්න තමයි මම එතුමාට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළේ. නමුත් එතුමා විවාදයකට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හරහා එතුහා බොරු කියන බව පිළිගැනීමකට ලක් කරලා තියෙනවා. එහෙම කළාට බොහොම පිං. “