ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරුවන් දෙදෙනා සමග ට් 56 ගිනි අවියක්, එම ජීවඋණ්ඩ 150 ක් ටි 56 මැගසින් 3 ක් ,ජර්මනියේ නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක්, එම ජීව උණ්ඩ දෙකක් , අති සුඛෝභෝගී වෑන් රථයක් හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 11100 ක් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10250 ක් පොලිසිය භාරයට ගෙන ඇත
ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායමේ ස්ථානාධිපති සුනිත් ජයසේකර මහතාට ලද රහසිගත තොරතුරකට අනුව මිනුවන්ගොඩ මා බෝදල ප්‍රදේශයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10250 ක් සමග අත්අඩංගුවට ගෙන සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදා ගැනීම සඳහා සඟවා තිබූ ගිනි අවි තොගය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි
ඒ අනුව වේවැල් දෙනිය තිත්තවැල් මංකඩ ප්‍රදේශයේ නිවසක් වටලා එහි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී සැකකරු සන්තකයේ හොරයින් මත්කුඩු තිබී හමුවීමෙන් අනතුරුව වැඩිදුරටත් නිවස තුළ සෝදිසි කිරීමේදී කාමරයේ අල්මාරියක් තුළ සඟවා තිබූ ගිණි අවි හා ජීව උණ්ඩ තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කලකට ඉහතදී අපරාධ රැසකට සම්බන්ධව සිටි ගම්පහ ඔස්මන් නමැත්තාව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන් වෙත ලබා දුන් බවත් සැකකරුවන්ගෙන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය
එම ඝාතන සැලැස්ම සඳහාම යොදා ගැනීමට සැකකරුවන් විසින් කෙහෙල් බද්දර පද්මෙ නමැත්තාගේ උපදෙස් මත රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කර මාසිකව ලක්ෂ දෙක හමාරක් මුදලක් ලබා දීමේ පොරොන්දුව මත අති සුඛෝ භෝගී වෑන් රථයක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයකින් ලබා ගෙන ඇති බවත් එකී වාහනයට පසුගිය විසි එක්වෙනි දිනට මාසයක් ගත වී ඇති බවත් එය මේ වන විට ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රථගාලේ නවතා ඇති බව සැකකරුවන්ගෙන් කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එම වාහනය ද පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඝාතනය සිදුකිරීම වෙනුවෙන් කෙහෙල් බද්දර පද්මෙ නමැත්තාගෙන් සැකකරුවන් වෙත මුදල් සහ මත්ද්‍රව්‍ය පසුගිය කාලය පුරාම ලැබී ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ගම්පහ ඔස්මන් නැමැත්තා එළඹෙන 28 වැනි දින ගම්පහ ප්‍රදේශයේ හා මැයි 10 දින යක්කල කොස් කපුවත්ත අවුරුදු උත්සවයකටද සහභාගි වීම සඳහා ආරාධනා ලැබ ඇති බව තමන් වෙත දැන ගැනීමට ලැබී ඇති බවත් එම දිනයන් දෙකෙන් එකක ඔහුව ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබූ බවත් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 50 අතර පසුවන දෙදෙනෙකි
මෙම ඝාතන සැලැස්ම සඳහා තවත් කීප දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම පුද්ගලයන්ට අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ ලෙස විමර්ශන පවත්වන බව වැඩිදුරටත් සඳහන් කරයි