පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ආරක්ෂාව භාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.මේ වන විට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජේලර්වරයා අද (17දා) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවැනි වරටත් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකාර ජේලර්වරයා ගනේමුල්ල සංජීව නමැත්තාට නිසි ආරක්ෂාවක් ලබා නොදී හිතා මතා මගහැර ඇති බවට අනාවරණය වී ඇති අතර එලෙස සිදුවී ඇති යම් පාර්ශ්වයක බලපෑම මතද යන්න තවදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිතය.
ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසෙ මගින් සිදු කරන විමර්ශනවලට අදාළව ඇසින් දුටු තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන එම අවස්ථාවේ අධිකරණයේ මූලාසනයේ සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඇතුළු පුද්ගලයන් 50 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
මනුෂ්‍ය ඝාතනය ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තා ඉකුත් මස 19 වෙනිදින බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත් කඩේ, අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ඒමෙන් අනතුරුව මඳ වේලාවකදී විත්ති කූඩුව මත සිටියදී නීතිඥ වෙස්ගෙන පුටුවක අසුන්ගෙන සිටි වෙඩික්කරු එකවරම අසුනෙන් නැගිට කූඩුව අසලටම පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනි අවිය එම ස්ථානයේම දමා පලා ගොස් තිබිණ.එම ඝාතනය සම්බන්ධයෙන් නීතිඥ වෙස්ගෙන ගෙන සිටි වෙඩික්කරු එදිනම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දෙනු ලැබීය.
ඒ අනුව එම අපරාධය සිදු වූ ඉකුත් 19 වෙනි දින ගනේමුල්ල සංජීව අලුත් කඩේ අධිකරණය අංක 5 ශාලාව වෙත රැගෙන ආ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් ද ,එදින අධිකරණ ශාලාව තුළ අසුන්ගෙන සිටි නීතිඥ මහත්මා මහත්මීන්ගෙන්ද,සිරමැදිරියේ රඳවා සිටි කොළඹ රිමාන්ඩ්, මැගසින් හා වැලිකඩ බන්ධනාගාරවල කාන්තා රැඳවියකු ඇතුළු රැඳවියන් අට දෙනෙකුගෙන් හා , මේ වන විටත් අතුරුදහන් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නීතිඥ කාමරය තුළ අසුන්ගෙන සිටි බවට ඇසින් දුටු බව කියන අලුත්කඩේ නීතිඥ සංගමයේ සභාපති ( මහේස්ත්‍රාත් අධිකරණයේ) ගුණරත්න වන්නිනායක මහතාගෙන් ඇතුළු පුද්ගලයන් ගෙන් ප්‍රකාශ ලබා ගැනිණ.
එම අපරාධයේ මහා මොළකාරිය ලෙස විමර්ශනවලදී හඳුනාගත් වෙඩික්කරු වෙත අපරාධ නඩු විධාන සංග්‍රහ පොතක පිටු අතර තනන ලද කුහරයක් තුළ සඟවා නීතිඥ වෙස්ගෙන ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ගිය පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (25) නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට මෙතෙක් හැකියාවක් ලැබී නැත.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය නියෝග මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සී. ඩි . විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරේ