ගන්දර පොලිස් වසමේදි යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබිම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩි තැබිමෙන් තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්විය. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මාතර කොට්ඨාස අපරාධ වමර්ශන කාර්යාංශය මගින් විමර්ශන සිදුකරයි.
මෙම වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අංඩංගුවට ගෙන තිබේ.
සැකකරු පෙරේදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 34ක් වන දෙවිනුවර ප්රදේශයේම පදිංචිකරුවෙකි.