ගන්දර පොලිස් වසමේ දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ අපරාදධයට යොදාගත් ටී. 56 ගිනි අවිය හා එම මැගසිනය සොයා ගත් බව පොලීසිය පවසයි.
මෙම ඝාතනයට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරයි.
ඝාතනයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන ලද අතර එහිදී අණාවරණ්ය කර ගත් තොරතුරු මත මෙම ගිනි අවිය හා මැගසිනය අද අලුයම් කාලයේදි කැකනදුර ප්‍ර දේශයේ ඔහු කුලී පදනම මත පදිංචිව සිටි නිවසේ සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.