අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදු කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවගේ ඉතිහාසය පිළිබඳ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
එම සටහන පහත දක්වා තිබේ.
“ අවි ගත්තෝ …………….”
ප්‍රධාන ගනයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව අද දහවල් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුලදී නිතිඥ වෙස්ගත් ඝාතකයකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා
මගේ කියවීම අනුව නම් ඔහු ඉතා දරැණු ගනයේ අපරාධ කරැවෙක්
මනුෂ්‍ය ඝාතන 16 ක් ප්‍රධාන ගනයේ ආයුධ සන්නද්ධ කොල්ලකෑම් රාශියක් ( කෝටි 7 ක බැංකු කොල්ලයක්ද ඇතුලුව)සහ විශේෂයෙන් කප්පම් ලබා ගැනීම් සහ පුද්ගලයන් ත්රාසද්ග්රහණයට ලක්කිරීම් මෙන්ම ප්‍රධාන පෙලේ මත්ද්‍රවය ජාවාරම් කරැවෙකු ලෙසත් ඔහු ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා
බොහෝ සංවිධානාත්මන අපරාධකරැවන් යම්තම් තුරැණු වියට එලඹීමත් සමගම අපරාධ ලෝකයේ අත්පොත් තැබීම සිදුකරන නමුත් සංජීව ඊට වෙනස්
1978 ජන්ම දායාදය ලබන ඔහුගේ අපරාධ ලොව සම්ප්‍රාප්තිය සිදුවන්නේ 2007 ඔහු 29 වන වියේදී එතකොට ඔහු විවාහවී වසර 5 ක් වයසැති දියණියකගේ පියෙක්
බොහෝ සංවිධානාත්මක අපරාධ කරැවන් සිය අපරාධ ක්‍රියා ආරම්භය සිදුකරන්නේ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක නමක් දිනු අපරාධ කල්ලියක කනිෂ්ඨ සාමාජිකයකු ලෙසින් එහෙත් සංජීව මෙයින් වෙනස් ඔහුගේ අපරාධ ලොව සම්ප්‍රාප්තිය සිදුවන්නේ ගම්පහ සහ ගනේමුල්ල අවට දඩාවතේ යන තරැණ කන්ඩායමක් එකතු කරගෙන ඔහුගේම අපරාධ කල්ලියක් නිර්මාණය කරගැනීමෙන්
පොලිස් වාරතා වලට අනුව ඔහුගේ කල්ලියේ සමාජිකයන් 15 දෙනාම (2021 වනවිට) ගම්පහ අවට ප්‍රදේශ වල පදිංචි තරැණයන්
ගම්පහ දිස්ත්‍රික්කය තුල 2010-2020 අතර කාලය තුල සීග්‍රයෙන් පැතිර යමින් තිබූ “පස් මාෆියාව” සංජීවගේ අපරාධ ලොව සම්ප්‍රාප්තියට විශාල පිටුවහලක් මෙන්ම සල්ලි ගලන මාර්ගයක්ද වුනා.නීති විරෝධි පස් ජාවාරම ඒහා බැදුනු ප්‍රාදේශීය දේශපාලන චෞර වලල්ල මෙවැනි ප්‍රාදේශිය අපරාධ කල්ලි ක්‍රියාකාරකම් වර්ධනයට ප්‍රබල පිටුවහලක්ද වී තිබෙනවා.
“උඩුගමපොල පස් පොඩ්ඩා” වැනි අය සිය නීතිවිරෝධි ජාවාරම් සදහා සංජිව කල්ලියේ සහය ලබාගත් අතර එම අයට විරැද්ධව කන්ඩායම් සහ මේ අය අතර සටන් ඇතිවීම නොකඩවා සිදුවුනා.
2016 වසරේදී අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස්රථයකින් රැගෙන යමින් සිටි භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව මරණ දඩුවම ලැබ සිටින චමින්ද ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද වෙඩිතබා ඝාතනයට තැත්කිරීම මෙන්ම ගම්පහ ප්‍රදේශයේ පදිංචි තවත් අපාධකරැවකු ලෙස සැලකෙන ඔස්මන්ඩ් මැඩොන්සා ගුණසේකර ඝාතනයට තැත්කිරීම මෙන්ම “කෙහෙල්බද්දර නෙවිල් “ඝාතනය සිද්ධින් පසුපස සිටි ප්‍රධාන හස්තය ලෙසද සැලකෙන්නේ ගනේමුල්ල සංජීවය
සංජිව ඝාතනය සම්බන්ධව මේ වනවිට විවිද පාර්ශවයෙන් වෙත ඇගිල්ල දිගුවෙමින් පවතී
සංජීවගේ තර්ජන හේතුවෙන් මෙරටින් පලාගොස් ඩුබායි හි රැදීසිටිමින් අපරාධ කල්ලියක් මෙහෙයවන ඝාතනය වූ නෙවිල්ගේ පුත්‍රයා ලෙස සැලකෙන මද්දීනු පද්මසිරි පෙරේරා නොහොත් “ කෙහෙල්බද්දර පත්මේ” මේ වනවිට පෞද්ගලීක ගුවන්විදුලි නාලිකාවකට දුරකථනයෙන් කතාකොට සංජීව ඝාතනය තමාවිසින් සිදුකල බවට ප්‍රකාශයක්ද සිදුකර ඇත
මේ සියලු කරැණු කාරණා සැලකීමේදී ගම්‍ය වන ප්‍රධාන කරැණ නම් ජාතික ආරක්ෂාව මෙන්ම පුද්ගල ආරක්ෂාවද අයාලයේ යමින් පවතින බවයි
පසුගිය රජයේ අමාත්‍ය ටිරාන් අලස් “ පාතාලය “ සුන්නද් දූලි කිරීමේ දිනවකවානු පවා ප්‍රකාශ කර සිටි නමුත් අවසානයේ සුන්නද් දූවිලි බවට පත්වූවේ එතුමාගේ ඇමති කමය
වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාද ජනාධිපති මැතිවරණ වේදිකාවේ පුන පුනා කියාසිටියේ පොහොය දෙකකින් පාතාලය විනාශ කරන බවය. හොද වෙලාවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ විශයය ගැන කටේ කෙල පොදක් හෙලන්නේ නැත
එබැවින් වගකිවයුතු රජයක් ලෙස නැගීඑන මෙම අපරාධ රැල්ල මර්ධනය කර නීතියේ ආධිපත්‍ය පමණක් නොව ජාතික ආරක්ෂාව මෙන්ම ජාතික ආර්ථිකයටද ප්‍රභල බලපෑමක් එල්ල කරනු ලබන මෙම අපරාධ සංස්කෘතිය මෙරටින් සදහටම තුරන්කර වඩාත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ වගකීම වර්තමාන රජය හමුවේ ඇති ප්‍රභල අභියෝයක් ලෙස සැලකිය යුතුය.
එම කාර්යයන් ඉටුකිරීම සදහා අවශ්‍ය ව්‍යවස්ථාමය බලය මහජනතාව විසින් ඕනෑවටත් වඩා වැඩියෙන් වර්තමාන ආණ්ඩුවට ලබාදී ඇත.දැන් කලයුත්තේ ආණ්ඩුව වැඩට බැසීමය.ඒ සදහා අවශ්‍ය දේශපාලන අවංක භාවය සහ උවමනාව වර්තමාන රජය සතු බව අපි හොදාකාරව දනිමු.එමනිසා ඉතා කෙටි කාලයක් ඇතුලත රජය මෙම අභියෝගයන් ජයගනු ඇතියි පොදු මහජනතාව ලෙස අපි උපේක්ෂා සහගතව බලාසිටිමු..
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
