ගංවතුරින් පීඩාවට පත් බියගම ජනතාව වෙනුවෙන් ලක්ෂ හතහමාරක් වටිනා සනීපාරක්ෂක දුව්‍ය තොගයක් බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මිය වෙත බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පුසන්න සම්පත් මහතා විසින් අද (10දා) එම කාර්යාලයේදී ප්‍රධානය කලේය.
කාලගුණ විපර්යාස ජනාධිපති උපදේශක හා බියගම එජාප ප්‍රධාන සංවිධායක රැවන් විජේවර්ධන මහතාගේ මගපෙන්වීම මත මෙම සනීපාරක්ෂක දුව්‍ය ලබාදීම සිදුවිය .
මේ යටතේ සනීපාරක්ෂක තුවා 2500ක් සහ සබන් කෑලි 1000 ක් ගංවතුරින් පීඩාවට පත් බියගම වසම් 21 ක ජනතාව වෙනුවෙන් ලබාදීම සිදුවිය.
මෙම අවස්ථාවට බියගම ප්‍රාදේශීය සභාවෙිි හිටපු මන්ත්‍රීවරුන් වන චතුර පෙරේරා , මාලි අල්ගම හා සමිිබන්ධිකරණ ලේකමිිවරැන් වන මංජුශ්‍රී . දුමින්ද ආටිගල , ශෙල්ටන් සෙබස්තියන් යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.
දෙල්ගොඩ - සුදත් පුබුදු