රත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්රික්කවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව මැතිවරණ කොමිෂම සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ඒ අනුව එම දිස්ත්රික්කවල මැතිවරණ ප්රතිඵල ප්රමාද විය හැකි බවත් ඔහු ප්රකාශ කළේය.