පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇති වූ තද වැසි තත්ත්වය සැලකිල්ලට ගෙන මහවැලි ගඟ හා දැදුරුඔය ආශ්රිත ප්‍ර දේශවලට නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම අද (02දා) ඉවත් කර තිබේ.
වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මගින් පසුගිය මස 26 වැනි දින මෙම ගංගා දෙකට අදාළව ගං වතුර අවදානම් නිවේදන නිකුත් කරනු ලැබීය.
අයහපත් කාලගුණ තත්ත්වය අඩු වී තිබෙන නිසා අනතුරු ඇඟවීමේ නිවේදන ඊයේ ඉවත් කර තිබෙන අතර ගංගාවල ජල මට්ටම් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරියේදී ගංවතුර තත්ත්වය පිළිබඳව අවදානමක් පවතිනවා නම් ඒ ගැන පූර්ව දැනුම්දීමක් සිදුකරන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.