ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීම සම්බන්ධව වරද පිළිගත් තරුණියකට රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉකුත් බුහස්පතින්දා ( 26 වැනිදා ) නියම කෙරිණි.
මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ ගනේමුල්ල, හොරගොල්ල ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකට වේ.
කිරිබත්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගත් එම තරුණිය එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක ( 90071 ) හා කුලසිංහ ( 10789 ) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.