සෙවනගල, සීනි කර්මාන්ත ශාලාවට නුදුරින් උක් වගාවක් ආවරණයට ගනිමින් ඉතා සූක්ෂමව දිගුකාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබු ගංජා පැල තවාන් 10ක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව උඩවලව විශේෂ කාර්ය බලකා සාමාජිකයින් එක්ව සිදු කරන ලද මෙම වැටලීමේදී උස අඩි 2-5ත් අතර ගංජා පැල 9100ක ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු: 37ත්, 68ත් අතර වයස් වල පසුවන පුද්ගලයින් වන අතර ඔවුන් සෙවනගල ප්රදේශයේ පදිංචිකරුවන් වේ. අදාල වැටලීමෙන් අනතුරුව මෙම ගංජා පැල තවන් ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති අතර එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සෙවනගල පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.