කාළගුණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාළගුණික අනතුරු ඇඟවීමේ නිවේදන හා ජාත්‍යන්තර කාළගුණික ආයතනවල තොරතුරු අනුව ඉදිරි දිනවලදී දිවයිනේ බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි මිලි මීටර් 100 කට අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශ ආශ්රිත ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර තත්වයන් ඇතිවීම පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පූර්ව ගංවතුර ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අනුව දැදුරු ඔය,මහ ඔය,කලා ඔය, මල්වතුඔය,ඌරු බොකු ඔය, කිරම ඔය ,අත්තනගලු ඔය යන ඔයවල්වල සහ කැලණි ,කළු,බෙන්තර,ගිං ,නිල්වලා ,මහවැලි පහළ ආදී ගංගාවල පහළ නිම්න ආශ්රිත ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව වර්ෂාවේ ස්වභාවය පදනම් කරගනිමින් ගංවතුර තත්වයන් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව මේ ප්‍රදේශවල නගර ආශ්‍රිතව ඇතිවිය හැකි අධික තීව්රතාවයක් සහිත වර්ෂාපතන තත්වයන් සමග නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්වයන් ඇතිවීමේ අවධානමද අධික බැවින් ඒ සම්බන්ධයෙන් ආපදා කලමනාකරණ අංශවල සහ මහජනතාවගේ අවධානය යොමුවිය යුතු බවද වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ )මහතා පැවසීය .
ජේ. ඉඳුරුවගේ