ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ. අද දිනයේ සෙවය කිරීමෙන් අනතුරුව ඔහු සිය ධුරයෙන් මෙසේ ඉල්ලා අස්වීමට නියමිතය.
උවයිස් මහතා සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඊයේ දිනයේදී විෂයභාර අමාතය කංචන විජේසේකර මහතා වෙත ලබා දී තිබේ.
පෞද්ගලික මෙන්ම වෘත්තීය හේතු මත ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.මෙහොමඩ් උවයිස් මහතා මාස 14ක කාලයක් ශ්රි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.