මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතයේ මාෆියාවක් පවතින බවත්, ඒ අනුව එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති බවත් සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනය අවධාරණය කළේය.
එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න අධිකාරි මහතා පෙන්වා දුන්නේ ඇතැම් බලධාරීන්ගේද සහාය මත අනුමත ප්‍රමාණය ඉක්මවා නීතිවිරෝධී ලෙස ඛනිජ ව්‍යාපාරිකයන් වෙත පුපුරන ද්‍රව්‍ය නිකුත් කෙරෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය ආයතනවල අවධානය දැඩිව යොමු විය යුතු බවත්ය.
ඛනිජ කර්මාන්තය සඳහා පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම සහ එම කර්මාන්තය හරහා අයකර ගත යුතු රාජ්‍ය භාගය යනාදී කරුණු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මූලිකත්වය ගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ පිලිබඳ වූ මාධ්‍ය සාකච්ඡාවක් සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනය විසින් කොළඹ, එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (30දා) පවත්වන ලද අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ සඳහන් කළේය.
&දේශපාලනඥයන්ගේ කාර්යභාරය ඔවුන් හරියට ඉටු කරන්නේ නෑ. මේ අකටයුතුකම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේද දැනුම්වත්කමින් සිදුවනවාදැයි සැකයක් තිබෙනවා. බලධාරීන් කටයුතු කළ යුත්තේ සමාජ මාධ්‍යයට ප්‍රදර්ශනාත්මක දේ ඉදිරිපත් කිරීම නොවෙයි. රටට අවශ්‍ය යහපත් දේ ක්‍රියාත්මක කිරීමයි.*