කීරි සම්බා සහල් හිඟය මූලික කර ගනිමින් ඇතැම් ප්‍රදේශවල කීරිසම්බා සහල් කිලෝවක් රු. 345-රු. 360 අතර මුදලකට අලෙවි කරමින් පවතී. පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260 කි.
මෝල් හිමියන් විසින් ඔවුන්ගේ ඇසුරුම්වල කීරි සම්බා සහල් කිලෝවක මිල රු. 260 ක් වන ලෙසට කිලෝ 05 හා 10 ඇසුරුම්වල සඳහන් කර ඇතත් වෙළෙඳ සැල් හිමියන් විසින් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරනු ලබයි. මේ වන විට ඇතැම් ප්‍රදේශවල සහල් කිලෝ 05 ඇසුරුමක් රු. 1745 -රු. 1800 අතර මුදලකට අලෙවි කරන අතර සහල් කිලෝ 10 ඇසුරුමක් රු. 3450 ක මුදලකට අලෙවි කෙරේ. කිලෝවක් හෝ කිලෝ දෙකක් වශයෙන් සිල්ලරට අලෙවි කිරීමේදී කිලෝවක් රු. 360 ක පමණ මුදලකට අලෙවි කරනු ලබයි.
මෝල් හිමියන් විසින් සහල් ඇසුරුමේ පාලන මිලට අනුව මිල සඳහන් කර තිබුණත් වෙළෙඳ සැල්වලට ලබා දීමේදී සහල් වැඩි මුදලට අලෙවි කරමින් තිබෙන බවත්, මේ නිසා ජනතාවට සහල් අලෙවි කිරීමේදී වැඩි මිලට සහල් අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඇතැම් ව්‍යපාරිකයෝ සඳහන් කරති.
සාමාන්‍ය වෙළෙඳ පොළ තුළ කීරිසම්බා සහල් මිලදී ගැනීමට නොහැකි වුවත් ආහාර පාන අලෙවි කරන බොහෝ ස්ථානවල කීරි සම්බා සහල් සහිත රයිස් සහ බත් අලෙවි කරන අතර සහල් මිලට සාපේක්ෂව රයිස් එකක මිල හා බත් පාර්සලයක මිල ඉහළ දමා ඇත.මෝල් හිමියන් විසින් සාමාන්‍ය ආකාරයට වෙළෙඳ පළට කීරි සම්බා නිකුත් නොකර තෝරාගත් වෙළෙඳ සැල් වෙත කීරිසම්බා තොග නිකුත් කරමින් පවතී.මේ අනුව ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රසිද්ධියේම වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කරන අතර ඇතැම් ස්ථානවල හිතවතුන්ට පමණක් කීරි සම්බා ලබා දීමට කටයුතු කෙරේ.