ගම්පහ දිස්ත්‍රීක් රෝහලෙන් කරන ලද ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය, ගම්පහ රෝහලේ කොවිඩි 19 වැළදි ඇතැයි සැක කරන රෝගින් හට ප්‍රතිකාර කිරිම සදහා බාහිර රෝගි ඒකකයක් ඉදිකිරිම ආරම්භ කරන ලදි.
මේ සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ මග පෙන්විම මත එක් නිලධාරියෙකු හා සෙසු නිලයන් 30 දෙනෙකු මෙම බාහිර රෝගි ඒකකය ඉදිකිරිමේ කාර්යය සදහා ගම්පහ දිස්ත්‍රීක් රෝහල වෙත අනුයුක්ත කරන ලද අතර දින 06 වැනි කෙටි කාලයක් තුල මෙහි වැඩ අවසන් කොට ඊයේ ( 04) දින ගම්පහ දිස්ත්‍රීක් රෝහල වෙත භාරදිම සිදු කරන ලදි.
මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒමිබිසිඩි මුතුතන්ති‍්‍ර නිලධාරිතුමන් සහභාගි විය.
මෙම ඉදිකිරිම් කටයුතු සදහා මුල්‍ය අනුග්‍රහය ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා ධානපතියන් විසින් දරන ලදි.