පුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරිමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශීක්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
යුද හමුදා කොප්රල්වරයා තබ්බෝව කඳවුරේ සේවය කරමින් සිටියදී ඇතුවු අසනිප තත්ත්වයත් සමග තබ්බෝව රෝහලට ඇතුලත් කර ඉන්පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පවසයි.
ඒ සමගම ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයක නිරත වි පැමිණ යම් රෝග ලක්ෂණ පෙන්නුම් කල පුත්තලම නගරයේ මුස්ලිම් ජාතිකයකු ද පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබුණි.
මෙම දෙදෙනාම කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග රෝහල් ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශික්ෂණ රෝහලට ඊයේ ( 27 ) සවස මාරු කර යවා තිබේ .
මේ පිළිබඳව කල විමසිමේදි පුත්තලම රෝහල් අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසා සිටියේ මෙම දෙදෙනාම පිළිබඳව යම් සැක සංකා මතු විමත් සමග වහාම අදාළ තත්ත්වය තහවුරු කර ගැනිමට කුරුණැගල යැවිමට කටයුතු කල බවයි.