නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගත්, මුදලින් ලබාගත් රුපියල් ලක්ෂ සීයක් වටිනා වාහන කීපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මුදල් විශුද්ධිකරණය පනත යටතේ හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේදී 06 වෙනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
සැකකරු සතුව තිබූ අධි සුඛෝපභෝගී වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා අප කල විමසීයකදී සඳහන් කළේය.
මෙම සැකකරු හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්න නමයක් වයසක අයකුවන අතර ඔහු සතුව ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 50 ළඟ තබාගෙන සිටියදී හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගෙන හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරූ අයකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ කරන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු දීර්ඝ කාලයක් ගංජා හා නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණා ඉන් ලබාගත් මුදල්වලින් මෙම වාහන ලබාගත් බවට බුද්ධි අංශ හා පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන අතර ඔහුට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති අතර සැකකරුට විරුද්ධව මින්නේරිරිය හා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානවල පැමිණිලි කිහිපයක් තිබෙන බවද කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් වාහන හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට නඩු භාණ්ඩ වශයෙන් ලබා දී තිබෙන බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
මනම්පිටිය නිමල් ජයරත්න