ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් විශාල ප්‍රමාණයකගෙන් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 53 කු සිදුකරන ලද පැමිණිලිවලට අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරයේ එම පැමිණිලිකරුවන්ගෙන් පමණක් රුපියල් හාර කෝටි හැට ලක්ෂ හැට හතර දාස් තුන්සීයක පුදලක් වංචා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සාත්තු සේවිකාවක් ලෙස සිටිමින් මෙම වංචාව සිදු කර ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ පහ, දහය, හා පහළොව ආදී විවිධ ප්‍රමාණයන්වල මුදල් ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බව පොලිසියට ලද පැමිණිලි වලින් සනාථ වන බව පොලිසිය කියයි.
සැකකාරිය සාපරාදී විශ්වාසය කඩකිරීම. පරිහරණය කිරීම හා මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 51 ක් වන වරකාපොළ පදිංචිකාරියකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.