මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී මහ මුහුදේදී රුපියල් කෝටි 380 කට අධික වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 263 ක් සමග අත්අඩංගුවට ගත් ධීවරයින් දසදෙනා ලබන 22 වැනිදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අවසර දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය අනාවරණය කරගැනීම සඳහා සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන්නැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී මහමුහුදේදී අල්ලා ගත් බව කියමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමකට අනුව මෙලෙස රැඳවුම් නියේග නිකුත් කරන ලද්දේ වැලිගම පදිංචි නිශාන්ත පත්මලාල්, නලින් ද රොෂාන්, සුමුදු නිසල්, දෙවිනුවර අමිල ඉන්දික, අනුෂාන් එදිරිසිංහ, මනෝජ් කුමාර සහ තල්පේ පදිංචි සංජු කුමාර සහ සුමින්ද ජයතුංග, ඉමදුවේ රොෂාන් කොඩිකාර සහ දෙවිනුවර නීලවීර සුසන්ත නමැත්තන්ය.