සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගොලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි විසි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .
ඊට අමතරව ලොරි රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙසේ අත් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි (41) ඇවිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් විශේෂ කාර්ය බලකායට දැන්වීමෙන් අනතුරුව එහි විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් බොරලැස්ගමුව, 10 කණුව හංදිය ඉදිරිපිට මාර්ග සංඥා කුළුණ අසලදී වැටලීමක් සිදුකර තිබුනි.
එහිදි හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17 , ජංගම දුරකථනයක් සමග පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට හැකි වූ අතර පසුව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම සඳහා භාවිතා කළ ලොරි රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකු වන ආමි චුටි නැමැත්තාගේ මත් ද්‍රව්‍ය සැකකරු මෙසේ ජාවාරම් කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ .
පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් තොගයේ වටිනාකම කෝටි විස්සකට ආසන්න බවත් අයිස් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික බවත් පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබේ.
-බිමල් ශ්‍යාමන්/ශාන්ත කුලරත්න