මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ ප්‍රධාන ගෝලයා වන කපිල හෙවත් ඉසුරු නමැත්තා ඔහුගේ බිරිඳ සමග රුපියල් කෝටි 15 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරු සමග හෙරෝයින් කිලෝගෑම් 13 ක්,හෑෂ් කිලෝ ගෑම් 6 ක් කොකේන් ගෑම් 500 ක් සහ රුපියල් ලක්ෂ 15ක මුදලක් ද ප්‍රියස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත .
ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල රුපියල් හතළිස් දාහක කුලී පදනමක් මත වසර දෙකක පමණ කාලයක සිට රැඳී සිට මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව පොලිසිය සඳහන් කරයි
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සැකකාරියක් සහ අවුරුදු 45 ක පන්නිපිටිය ප්‍රදේශයේ සැකකරුවෙකි
අත්අඩංගුවට ගත් සැකකරු සහසිකකාරිය වැඩිදුරු විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා මග පෙන්වීම යටතේ අධ්යක්ෂ බුද්ධි විශේෂ කාර්ය බලකාය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ,සහකාර පොලිස් අධිකාරී ,බුද්ධි,විශේෂ මෙහෙයුම් ,මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති බුද්ධි විශේෂ කාර්ය බලකාය ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.