කොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක අද (11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කළහ.
මෙලෙස රෝහල්ගත කළේ කිරුළපන ප්‍රදේශයේ සිට පැමිණි බව කියන 35 හැවිරිදි කාන්තාවක බවට පොලිස් නිලධාරීන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව දැනට දින පහකට පමණ ඉහතදී භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනවලින් කොළඹ සිට තංගල්ලට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.
ඇය දින පහක් පමණ තිස්සේ තංගල්ල අවට ප්‍රදේශයේ නවාතැන්ගෙන ඇති අතර අද තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් කාන්තාව කොරෝනා ආසාධිතදැයි පරීක්ෂා කිරීම සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කළහ.
අනීෂා මානගේ